General09 September 2026

නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි විශ්වාසදායක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වත්මන් රජය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා දූෂණ විරෝධී නීති භාවිත කරන බවටද සාගර කාරියවසම් එහිදී පවසා සිටියා.

නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ගවලදී ඉදිරිපත් වන සාක්ෂි පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේකෝන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes