General10 September 2026

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් විදේශයන්ට යැවීමේ තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් පිටරටට යැවීමේ තවත් ඡාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකිව තිබෙනවා.

ඒ අනුව, ඩොලර් මිලියන 80 ක මුදලක් විදේශ රටවලට යැවීමේ සිද්ධියකට අදාළව මරදාන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු එම කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ රූපලාවන්‍ය ආලේපන ආනයනය කරන මුවාවෙන් මොහු 2023 සහ 2025 යන කාලසීමාව තුළ මෙම මුදල් විදෙස් රටවල් වෙත යවා ඇති බවයි.

සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මීට පෙර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර ඩොලර් බිලියනයක ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට යැවීමේ ඡාවාරමකට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු සහ ව්‍යාපාරිකයෙකු මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes