General11 September 2026

සිසුන් දෙදෙනාට දිවි අහිමි කළ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් නිසා සිදු වූවක්

දෙහිවල,සිරිසගබෝ පාර ප්‍රදේශයේ නිවසකට අද (11) උදෑසන  එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් නිසා සිදු වූ අපරාධයක් බව පොලිසිය පවසනවා.

මෙම ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලැබූ අතර තුවාලකරුගේ සහෝදරයා බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එසේම, මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කරන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.





Related recommendation
Hiru TV News | Programmes