General13 September 2026

හෙටත් පළාත් කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

හෙට (14) දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උතුරු මැද , මධ්‍යම , සබරගමුව , ඌව සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

මීට අමතරව බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes