General16 September 2026

ජපානයේ අවුරුදු 100 ඉක්මවූවන් ලක්ෂය පනී

ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව පළමුවරට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ජපානයේ දැනට අවුරුදු සියයක් ආයු වින්දනය කළ පුද්ගලයින් 17,677 දෙනෙකු සිටින බවයි.

එය ලොව අනෙකුත් රටවල් හා සැසදීමේදී ඉහළ අගයක් ගන්නා අතර මෙම පිරිසෙන් සියයට 88 ක්ම කාන්තාවන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලොව වයස්ගතම කාන්තාව වන්නේ ජපානයේ කියෝටෝ නගරයේ; ජීවත් වන අවුරුදු 114 වයසැති කිෂිමෝටෝ ෆුයෝ වන අතර, වයස්ගතම පිරිමි පුද්ගලයා වන්නේ කුමමොටෝ නගරයේ ජීවත් වන 112 වයසැති කටෝ හි කරු යි.

Related recommendation
Hiru TV News | Programmes