General19 September 2026

ත්‍රිකුණාමලයෙ බාර් එකකට සුද්දෙ දෙන්න ගිය දෙකක් අල්ලයි

ත්‍රිකුණාමලය, අනුරාධපුර හංදියේ පිහිටි මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් එහි සේවකයන් විසින් ව්‍යර්ථ කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රී 9.45ට පමණ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු මුදල් කොල්ලකා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී, සේවකයන් විසින් දැඩි උත්සාහයක් යොදා මුදල් බෑගය සමග එක් කොල්ලකරුවෙකු අල්ලා ගැනීමටයි සමත්ව ඇත්තේ.

එම අවස්ථාවේදී ගිනි අවියක් රැගෙන පැමිණි අනෙක් පුද්ගලයා සේවකයන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇතත්, ඔහුගේ ඉලක්කය වැළකී ගොස් තිබුණා.

පසුව කොල්ලකරුවන් දෙදෙනාම යතුරුපැදියෙන් අනුරාධපුර පාර ඔස්සේ පලා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී, අදාළ කොල්ලයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු මිහිඳුපුර ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළකදී අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes