General20 September 2026

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රදේශවලට ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes