General20 September 2026

කූඨ ලේඛන සකස් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් නවගමුව, ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 48 ක්, ජංගම දුරකතනයක් ඇතුළු කූඨ ලේඛන සැකසීමට භාවිත කළ බවට සැකකෙරෙන යන්ත්‍ර කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes