රුසියාවේ මොස්කව් අගනුවර කපොට්න්යා (Kapotnya) දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුව වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු එහි විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (19) රාත්‍රියේ සහ අද අලුයම මොස්කව් සහ මොස්කව් කලාපය ඉලක්ක කරගනිමින් එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ටෙලිග්‍රෑම් නාලිකා ඔස්සේ සංසරණය වන දර්ශන හා මූලික වාර්තාවලට අනුව, මෙම ප්‍රහාරයෙන් පිරිපහදුවේ ELOU-AVT-6 ලෙස හඳුන්වන ප්‍රධාන තෙල් පිරිපහදු ඒකකයට සෘජු හානි සිදුව ඇති බවයි දැක්වෙන්නේ.
මෙම පිරිපහදුව මගින්, වසරකට තෙල් ටොන් මිලියන 11 ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, මොස්කව් නගරයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපයනු ලබන්නේ මෙම පිරිපහදුව මගින්.
මීට අමතරව, එල්ල වූ මෙම දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාව හේතුවෙන් මොස්කව් හි සොෆියිනෝ (Sofyino) ලොජිස්ටික්ස් තාක්ෂණික උද්‍යානයේ (Logistics Technopark) ද විශාල ගින්නක් හටගෙන ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
මූලාශ්‍රය - ASTRA/ Exilenova+

Latest News
පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දිවා ආහාරයෙන් පසු යළිත් ඇරඹේ
Local
22 September 2026
ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ආයතනයෙන් දැඩි විවේචන
Local
22 September 2026
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
භූ දේශපාලනික අර්බුද හමුවේ සහයෝගීතාවයේ අවශ්‍යතාව ඉන්දියාව අවධාරණය කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට: ෆිච් රේටින්ග්ස් වෙතින් සුබවාදී තීන්දුවක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹේ
Local
22 September 2026
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේ දී ශ්‍රී ලංකාවට ජයක්
Local
22 September 2026
M-CRIL – IDEAS සහයෝගිතාව: ශ්‍රී ලංකාවේ ක්ෂුද්රමූල්ය ක්ෂේත්රයට නව පිම්මක්
Local
22 September 2026
ගිරිඋල්ලේදි මහ මග පොලිස් මෙහෙයුමක් : තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
Local
22 September 2026
2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
22 September 2026