General21 September 2026

චීනය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ පැළ 14ක් වගා කරයි

චීනය ටියැංගොං අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ශාක විශේෂ 14 කට අයත් පැළ වර්ග 20කට වැඩි ප්‍රමාණයක් වගා කර තිබෙනවා.

මෙම අභ්‍යාවකාශ උයනේ සලාද කොළ, කැරට්, සූරියකාන්ත, අර්තාපල් සහ තිරිඟු වැනි බෝග සාර්ථකව වගා කිරීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ අනාගතයේ දී චන්ද්‍රයා, අඟහරු සහ ගැඹුරු අභ්‍යාවකාශ වෙත සිදු කරන දිගුකාලීන මෙහෙයුම් සඳහා අභ්‍යාවකාශගාමීන්ට අවශ්‍ය තිරසාර අහාර සැපයුම් පද්ධතිය නිර්මාණය කිරීමයි.

ඊට අමතරව ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණයද මෙහි තවත් අරමුණක්.

Related recommendation
Hiru TV News | Programmes