General22 September 2026

2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජය විසින් ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2027 වසර සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,992.77 ක් ලෙස අනුමත කර ඇති අතර, එය 2026 වසරේ වෙන් කරන ලද රුපියල් බිලියන 4,434.36ක වියදමට වඩා ඉහළ යාමක්.

මීට අමතරව, ණය වගකීම් සහ ගෙවීම් වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලෙන් අය කරගැනීමට රුපියල් බිලියන 4,845 ක මුදලක් වෙන්කර තිබෙන බව සඳහන්.

මේ අතර, 2027 වසර සඳහා වන උපරිම ණය ලබා ගැනීමේ සීමාව වෙනස් නොකර රුපියල් බිලියන 3,800 ක් ලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බවද දැක්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes