General23 September 2026

වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්

ලිඳුල ලෝගි වතුයායේ කම්කරුවන් තිදෙනෙකුට අද (23) බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව ලිඳුල පොලිසිය පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හදිසියේම බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පසුව කම්කරුවන් වෙත ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතුකම්කරුවන් තිදෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes