General31 January 2013

අපි තවම තීරණය කරලා නෑ - බ්‍රිතාන්‍යය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිලිබඳ අමාත්‍ය  ඇලෙස්ටෙයාර් බර්ට් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලක් රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සමග සාකච්ජා කර ඇති බවයි.

[MP3]s52503[/MP3]

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අද (31) උතුරේ සංචාරයක නිරත වුණා. බ්‍රිතාන්‍ය ආධාර යටතේ මුලතිව් හි ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය එහිදී ඔහු නිරීක්ෂණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා හෙට දිනයේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද මුණ ගැසීමට නියමිතයි.

මේ අතර, දිවයිනට පැමිණ සිටින  ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය විපක්ෂ නායිකා ජූලි බිෂොප් අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී  ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය විපක්ෂ නායකවරිය සඳහන් කර සිටියේ යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ ඉලක්කය උසස් අන්දමින් අත්පත් කරගෙන ඇති බවයි. එමෙන්ම නීති විරෝධීව  ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නන් අධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ගෙන ඇති පියවර විශිෂ්ඨ බවද ඇය මෙහිදී ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා.

දිවයිනට පැමිණ සිටි ඇමරිකානු නියෝජිතයන් තුන් දෙනා අද (31) මාලදිවයින බලා පිටත්ව ගියා. ඔවුන් යළිත් හෙට දිනයේ දිවයිනට පැමිණ සිවිල් සංවිධාන නියෝජිතයන් මුණ ගැසීමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes