මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් වෙත එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මානුෂිය මෙහෙයුමට අදාළව ඇතැම් සංවිධාන එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි. මීට පෙර හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් රැඳවියන්ට ශාරීරික පීඩා සහ ලිංගික අපයෝජන සිදුකර ඇති බව පවසමින් වාර්තාවක් නිකුත් කර තිබුණා. එම වාර්තාව නිකුත් වූ මොහොතේම රජයද ඊට ප්‍රතිචාර දක්වා සිටියා. මේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා.
[MP3]s54700_1[/MP3]
ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබඳව ඉගැන්වීමට ඇමරිකාවට හෝ යුරෝපා සංගමයට සැබෑ හැකියාවක් නොමැති බව අගවිනිසුරු මොහාන් පීරිස් පවසනවා. ලැබූ නිදහස තෘප්තිමත් වීමට නම් නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතුයි. වසර 2500 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳව කතා කළේ බටහිර රටවල්වලට පෙර බවයි අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ. බකමූණ නගරයේ අලූතින් ආරම්භ කළ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඊයේ එක්වෙමින් අගවිනිසුරු මොහාන් පීරිස් මේ බව සඳහන් කළා.
[MP3]s54700_2[/MP3]
Latest News
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
මාළු මිල ඉහළට
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්