General21 May 2013

පාලම් පාරුවක් පෙරළී කාන්තාවක් අතුරුදන්.

කළුතර උතුර - ගල්පාත ප්‍රදේශයේදී කළු ගෙඟ් යාත්‍රා කළ පාලම් පාරුවක් පෙරළී යාමෙන් කාන්තාවක් අතුරුදන්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන අනතුර සිදුවන විට පාලම් පාරුවේ 11 දෙනෙකු ගමන් කර ඇති බවයි. ජලයට වැටුණු අනෙක් අය පීනා දිවි ගලවාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා. අනතුරෙන් අතුරුදන්වූ කාන්තාව අවුරුදු 40 ක් පමණ වයසැති ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක්.

Related recommendation
Hiru TV News | Programmes