විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතා මත එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන ශ්‍රී ලංකාව හා බෙලරූස් වැනි රටවල් අපහසුතාවට පත් කිරීම සඳහා යොදා ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලරුස් රාජ්‍යයේ තුන්දින නිළ සංචාරයක නිරත ජනාධිපතිවරයා සහ එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ අතර සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. සෙසු රටවලට බලපෑම් කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය උපයෝගී කර ගැනීම තමා හෙළා දකින බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ප්‍රකාශ කර ඇත්තේ සමාජ යහපත මුල් කොට ගත් ප්‍රතිපත්ති තම රජය අනුගමනය කරන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ වෙළඳ, ආර්ථික හා සමාජ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවර ගන්නා බව ද මෙහිදී බෙලරූස් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී දෙරටට වැදගත් වන ගිවිසුම් 7කට ද ඊයේ අත්සන් කෙරුණා. මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලූකෂෙන්කෝ වෙත කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෙලරූස් සංචාරය පිළිබද වැඩිදුරටත් තොරතුරු ගෙන එන එහි සිටින ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් විජයානන්ද හේරත්.
[MP3]s65923[/MP3]
Latest News
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
මාළු මිල ඉහළට
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
ජනපති ට්‍රම්ප් 11 දෙනෙකුට ජනාධිපති සමාව දෙයි