මේ වසරේ ක්‍රියාත්මක වන දෙවන ජාතික මදුරු මර්ධන සතිය හෙට (07) සිට 13 වන දා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝග මර්ධනය ඉලක්ක කර ගනිමින් පිහිටුවන ලද ජනාධිපති ඩෙංගු මර්ධන බලකායේ මෙහෙයවීමෙනුයි මෙය ක්‍රියාත්මක වන්නේ. හෙටින් ආරම්භ වන ඩෙංගු මර්ධන සතිය තුළ අධ්‍යාපන, පළාත් පාලන, පළාත් සභා, පරිසර, සෞඛ්‍ය සහ රාජ්‍ය පරිපාලන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක මෙම මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක වනවා. පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද කීට විද්‍යා සමීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් සියයට 85ක් නිවෙස්වලින් ඉවත ලද භාජනවලින් බවයි. එළඹෙන ඊසානදිග මෝසමත් සමඟ මදුරු ඝනත්වය ඉහළ යාම මගින් ඩෙංගු රෝගය යළිත් හිස එසවීමේ අවදානමක් පවතින නිසා මෙම ඩෙංගු මර්ධන සතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Latest News
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කෙරේ
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම ඇරඹෙයි
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළට
වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීමේ යෝජනාව අධ්‍යයනයට කමිටුවක්
22 වැනි සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක්: 41ක්ම ඔන්ලයින්
අදත් කැළණිවැලියේ දුම්රිය කිහිපයක් අවලංගු වෙයි
ක්‍රොඒෂියාවේදී තාවිට රිදී පදක්කමක්
කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 1,500 ඉක්මවයි
කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පානදුර නිලංගගේ මස්සිනා
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම අද ඇරඹේ