General31 October 2013

කොළඹ - කටුනායක අධිවේගය ගැන පොලිසියෙන් පණිවුඩයක්.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා කොළඹ නගරයෙන් පිටවීමටත් කොළඹ නගරයට ඇතුළුවීමටත් නොමිලේ පහසුකම් සලසා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ පිළිබඳ රියදුරන්ගේ නොදැනුවත්කම හේතුවෙන් නුවර පාරෙන් කොළඹට පිවිසෙන නව කැළණි පාලම අසල රථවාහන තදබදයක් නිරන්තරයෙන් දක්නට ලැබෙන බවයි. කොළඹ නගරයෙන් මීගමුව පාරට ගමන් කරන වාහනවලට නව කැළණි පාලමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කිලෝමීටර් දෙකක් ඉදිරියට ගොස් වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අසලින් මීගමු පාරට පිවිසිය හැකියි. එමෙන්ම, මීගමුව මාර්ගයෙන් කොළඹට පැමිණෙන වාහන සඳහාද මෙම මාර්ගය අනුගමනය කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. කොළඹ නගරයෙන් නුවර පාරට ගමන් කරන වාහන නව කැළණි පාලමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කිලෝමීටර් 02 ක් ගමන් කර වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඉදිරිපිටින් දකුණට හැරී තොරණ හන්දියෙන් නුවර පාරට පිවිසීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම, නුවර පාරෙන් කොළඹට පැමිණෙන වාහන වෙදමුල්ල මංසන්ධියෙන් අධිවේගී මාර්ගයට පිවිසිය හැකියි.
Related recommendation
Hiru TV News | Programmes