උසස් මට්ටමේ තාක්ෂණික නිෂ්පාදන සඳහා ජනතා විශ්වාසය දිනූ එක්ස්ක්ලූසිව් තම ව්‍යාපාරික ගමන් මඟෙහි 9 වැනි සංවත්සරය සමරමින් තාක්ෂණික වෙළඳ නාම අලෙවියේ පෙරමුණට පැමිණෙයි.
එක්ස්ක්ලූසිව් දේශීය වෙළඳපොළට සපැමිණි 2017 වසර වනවිට තාක්ෂණික අමතර උපාංග (accessories) සම්බන්ධයෙන් පැවැතියේ පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හා බාල අනුකාරක තෝරා බේරා ගත නොහැකි ව්‍යාකූල තත්ත්වයකි. තවද, ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාමවලට ප්‍රවේශය සීමා වූ නිසා අව්‍යාජ නිෂ්පාදන විශ්වාසයෙන් මිලදී ගැනීම අපහසු විය.
මෙම ගැටලුව විසඳීමට පැහැදිලි දැක්මක් සහිතව ඇප කැප වූ එක්ස්ක්ලූසිව්, හොඳින් තෝරාගත් ජංගම දුරකථන උපාංග සමූහයක් ඉදිරිපත් කළේය.
“ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අව්‍යාජ නිෂ්පාදන සහ විශ්වාසනීය සේවාවක් ලබාදිය යුතුය යන සරල සංකල්පයෙන් යුතුව අපි 2017 දී ව්‍යාපාරය ආරම්භ කළා,” යැයි එක්ස්ක්ලූසිව් සමාගමේ අධ්යක්ෂ අබ්දුල් රසාක් මහතා පැවසීය.
අද වන විට Xclusive, Dyson, Xiaomi, Anker, Baseus, ESR, Logitech සහ LDNIO වැනි ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාම රැසක් යටතේ විශාල නිෂ්පාදන පරාසයක් ලබාදෙමින් උසස් තත්ත්වයේ තාක්ෂණික උපාංග සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සඳහා එකම ගමනාන්තයක් ලෙස ස්ථාපිත වී ඇත.
කොළඹින් පිටත පාරිභෝගිකයන් සඳහා එක්ස්ක්ලූසිව් තම ඩිජිටල් පැවැත්ම xclusive.lk හරහා වර්ධනය කරමින් යාපනය සහ ගාල්ල ඇතුළුව දිවයින පුරා සැපයුම් කරයි.
වසර 9 සැමරීම සඳහා එක්ස්ක්ලූසිව් විසින් මැයි 4 සිට මැයි 16 දක්වා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කරයි. පාරිභෝගිකයන්ට සියලුම සාමාන්‍ය මිලට අලෙවි වන නිෂ්පාදන සඳහා 10% ක වට්ටමක් ලබාගත හැකි අතර, එය වෙළඳසැල තුළත් අන්තර්ජාලය හරහාත් ලබාගත හැක.
මෙම වට්ටම SPECIAL10 කූපන් කේතය භාවිතා කර checkout කිරීමේදී ලබාගත හැකි අතර මුදල්, බැංකු මාරු සහ කාඩ්පත් ගෙවීම් වැනි ගෙවීම් ක්‍රම පිළිගනු ලැබේ.
වැඩි විස්තර www.xclusive.lk වෙබ් අඩවිය හෝ විද්‍යුත් තැපෑල srilanka@gmail.com මගින් ලබාගත හැක.
Latest News
වතුර බෝතල් මුවාවෙන් සිදු කළ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් එළියට
ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්
දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්
පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්
රුසියානු විදේශ ඇමති ඉන්දියාවට
කාර්යාල බස් රථයකට බෝතල් ප්‍රහාරයක්
පොහොර නැතිව වැල්ලවායේ වී ගොවීන්ට ගැටලු
ට්‍රම්ප් හඳට යන්න සැරසේ
HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්
“Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට