ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (National System Operator – NSO) විසින් දිවයින පුරා උපපොළවල් 25ක ස්ථාපනය කිරීමට නියමිත මෙගාවොට් 250 / මෙගාවොට් පැය 1,000ක ධාරිතාවයකින් යුත් ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (Battery Energy Storage System – BESS) සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත.
මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම, හිමිකාරත්වය සහ ක්‍රියාත්මක කිරීමේ (Build, Own and Operate – BOO) පදනම යටතේ වසර 15ක බලශක්ති ගබඩා ගිවිසුමක් (Energy Storage Agreement) මත ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව දිවයින පුරා තෝරාගත් විදුලිබල උපපොළවල් 25කදී මෙගාවොට් 10 සහ මෙගාවොට් 40 බැගින් වූ ඒකක (Blocks) ලෙස මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පෙන්වා දෙන පරිදි, වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන බලශක්ති තාක්ෂණයක් ලෙස බැටරි බලශක්ති ගබඩාකරණය සැලකේ. 2025 වසරේදී පමණක් ගෝලීය වශයෙන් නව බැටරි ධාරිතාව ගිගාවොට් 108කින් ඉහළ ගොස් ඇති අතර, එය 40%ක වර්ධනයකි.
පාරිසරික සහ ආර්ථික වශයෙන්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) පෙන්වා දෙන පරිදි, වේගවත් සහ විශ්වාසදායක කාබන්හරණ ක්‍රියාවලියක් රටේ අපනයන ක්ෂේත්රයේ ප්‍රගතියට මෙන්ම සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමටද තීරණාත්මක සාධකයකි.
Apple, Google සහ Tata Motors වැනි RE100 ගෝලීය වැඩසටහනට සම්බන්ධ ප්රමුඛ සමාගම් සිය සැපයුම් දාම සඳහා 100% පුනර්ජනනීය බලශක්ති භාවිතය අවශ්‍ය කර තිබේ.
එබැවින් මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන අතර, එය ගෝලීය ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමට උපකාරී වන වැදගත් පියවරක් වනු ඇත.
මෙමගින් කර්මාන්තශාලා සඳහා පමණක් නොව, දෛනික ජන ජීවිතය, රෝහල් සහ කුඩා ව්‍යාපාර සඳහාද වඩාත් ස්ථාවර සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමට හැකි වනු ඇත.
මෙම ජාත්‍යන්තර ලංසු කැඳවීම හරහා ශ්‍රී ලංකාව පරිසර හිතකාමී, හරිත සහ වඩාත් තරඟකාරී ආයෝජන පරිසරයක් කරා ගමන් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
Latest News
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
එජාපය හා සජබ එක්ව ශක්තිමත් විපක්ෂයක් හැදීම යුගයේ අවශ්‍යතාවක් - නවීන් දිසානායක
ජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා - කොළඹ පුරපතිනි බල්තසාර්
ලොව මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ ඩයිනසෝරයා බවට Tyrannosaurus rex පත්වෙයි
දිට්වා ආපදා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීමට එරෙහි පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග