ශ්‍රී ලංකාවේ ටිෂූ නිෂ්පාදන ක්ෂේත්රයේ විශ්වාසනීය නාමයක් ලෙස ප්‍රසිද්ධ ඩිවයින් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය හත්වැනි සංවත්සරය සමරමින් නවෝත්පාදන නිෂ්පාදන දෙකක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. මෙම අවස්ථාව සමාගමේ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ නොසැලෙන කැපවීම තවදුරටත් තහවුරු කළ සන්ධිස්ථානයකි.
දේශීය පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ ටිෂූ නිෂ්පාදන සැපයීමේ අරමුණින් ආරම්භ වූ ඩිවයින් මාකටින්, අද වන විට ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් නොව, කාර්යාල, හෝටල්, ආපනශාලා, රෝහල් සහ විවිධ වාණිජ ආයතන වෙත ද ගුණාත්මක සනීපාරක්ෂක විසඳුම් සපයන ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ස්ථාපිත වී ඇත.
සිය සංවත්සරයට සමගාමීව, ආයතනික හා වාණිජ භාවිතය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මල්ටි ෆෝල්ඩ් පේපර් ටවල් ඩිස්පෙන්සර් පද්ධතිය සහ ස්වභාවික රසය, පෝෂණ ගුණය හා නැවුම් බව ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කරන ලද ඩ්‍රයිවෙලා (Drywella) වියළි පලතුරු නිෂ්පාදන පෙළ නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට කැමැත්තක් දක්වන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම මෙන්ම ශ්‍රී ලාංකීය ගුණාත්මකභාවය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාම ද මෙම නිෂ්පාදන පෙළේ අරමුණ වේ.
මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ගරු ලලින්ද ගමගේ මහතා සහභාගී වූ අතර, ව්‍යාපාරික හවුල්කරුවන්, බෙදාහැරීමේ ජාලයේ නියෝජිතයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ සමාගමේ සේවක මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්විය.
කළමනාකාර අධ්යක්ෂ රියෙන්සි නානායක්කාර මහතා, අධ්යක්ෂ නිර්මලී නානායක්කාර මහත්මිය සහ අධ්යක්ෂ ඇන්තනි මාකස් මහතාගේ නායකත්වය යටතේ, ඩිවයින් මාකටින් පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන නවෝත්පාදන නිෂ්පාදන හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සහ පරිසර හිතකාමී විසඳුම් ලබාදීම සඳහා අඛණ්ඩව කැපවී සිටී.
Latest News
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!