ඩේවිඩ් පීරිස් සමූහයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන BAIC X3e ක්‍රොස්ඕවර් (SUV) රථය පසුගියදා BMICH හි පැවති Auto Vision Motor Show 2026 ප්‍රදර්ශනයේදී නිල වශයෙන් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.
"ජීවිතය පහසු කරන විද්‍යුත් වාහනය" යන තේමාව යටතේ හඳුන්වා දී ඇති BAIC X3e, නවීන තාක්ෂණය, එදිනෙදා භාවිතයට ගැළපෙන ප්‍රායෝගිකත්වය සහ ඉහළ වටිනාකම එකට එක් කළ විද්‍යුත් මෝටර් රථයක් ලෙස සමාගම සඳහන් කරයි.
අඩු ධාවන පිරිවැය, ප්‍රායෝගික ධාවන පරාසය, වේගවත් බැටරි ආරෝපණ පහසුකම, පවුලේ භාවිතයට සුදුසු ඉඩකඩ සහිත අභ්‍යන්තරය, Smart Digital Cockpit, නවීන රියදුරු සහායක තාක්ෂණය, ස්වයංක්‍රීය Parking පද්ධතිය සහ සම්පූර්ණ ආරක්ෂිත විශේෂාංග රැසක් මෙම රථයේ ඇතුළත් වේ.
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අධ්යක්ෂ මහේෂ් ගුණතිලක මහතා පැවසුවේ BAIC X3e නිර්මාණය කර ඇත්තේ ප්‍රායෝගික භාවිතය, සුවපහසුව සහ දැරිය හැකි මිල පිළිබඳ අවධානය යොමු කරන, විද්‍යුත් වාහන භාවිතයට පිවිසීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් බවයි.
"සැමදෙනාටම ළඟා විය හැකි ගමනාගමන අනාගතයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. BAIC X3e එම දැක්ම සැබෑ කරන අතර දිවයින පුරා පිහිටි අපගේ අලෙවි හා අලෙවියෙන් පසු සේවා ජාලය හරහා පාරිභෝගිකයන්ට විශ්වාසනීය සහ දිගුකාලීන සහායක් ලබා දෙනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
BAIC පාරිභෝගිකයන් සඳහා නියම අමතර කොටස්, කාලීන නඩත්තු සේවා, අලුත්වැඩියා පහසුකම් සහ තාක්ෂණික සහාය ඇතුළත් පූර්ණ අලෙවියෙන් පසු සේවා ජාලයක් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් ස්ථාපිත කර තිබේ.
කොළඹ හයිඩ් පාර්ක් කෝනර්හි පිහිටි BAIC සඳහාම වෙන් කළ නවීන සේවා මධ්‍යස්ථානයට අමතරව, බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය සහ කුරුණෑගල, මාතර, රත්නපුර හා මහනුවර ශාඛා ඔස්සේ දිවයින පුරා පාරිභෝගිකයන්ට අලෙවිය සහ අලෙවියෙන් පසු සේවා පහසුකම් සපයයි.
Latest News
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්