Business11 August 2026

ASUS නවතම AI බලගැන්වූ ලැප්ටොප් පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ASUS සමාගම විසින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බලගන්වන ලද නවතම Zenbook සහ Vivobook ලැප්ටොප් මාදිලි පෙළක් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී තිබේ. ප්‍රමුඛ පෙළේ ROG Zephyrus Duo, TUF Gaming 16 සහ නිර්මාණකරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ ProArt PX13 ඇතුළු නවතම ලැප්ටොප් මාදිලි රැසක් මෙම පෙළට ඇතුළත් වේ.

මෙම නවතම ලැප්ටොප් මාදිලි අතිනවීන AI තාක්ෂණය, ශක්තිමත් Ceraluminum නිමාව, NVIDIA GeForce RTX 50 Series ග්‍රැෆික්ස් සහ පහසුවෙන් රැගෙන යා හැකි සැහැල්ලු මෝස්තරයකින් සමන්විත වේ. නව පරපුරේ පරිගණක අත්දැකීමක් ලබාදීම අරමුණු කරගත් මෙම මාදිලි Gaming සඳහා උනන්දුවක් දක්වන පාරිභෝගිකයන්, සිසුන්, නිර්මාණකරුවන් සහ වෘත්තිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර තිබේ.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ASUS දකුණු ආසියානු කලාපීය ප්‍රධානී Eric Ou මහතා පැවසුවේ, "ASUS සමාගම සෑම පාරිභෝගිකයෙකුම බලගන්වන නවෝත්පාදන ලබාදීමට නිරන්තරයෙන් කැපවී සිටිනවා. තිර දෙකක් සහිත Zenbook සහ ROG Zephyrus මාදිලිවල සිට නිර්මාණකරුවන් සඳහා වූ ProArt, මෙන්ම සිසුන් සඳහා වූ Vivobook සහ TUF Gaming ලැප්ටොප් මාදිලි පෙළ දක්වා අපගේ 2026 නවතම එකතුව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා හඳුන්වා දී තිබෙනවා" යනුවෙනි.

ASUS Zenbook DUO (UX8407AA) ලැප්ටොප් පරිගණකය එකවර කාර්යයන් කිහිපයක් පහසුවෙන් සිදු කිරීමට සහ නම්‍යශීලීව කටයුතු කිරීමට උපකාරී වන 3K OLED touchscreen තිර දෙකකින් සමන්විත වේ. Intel Core Ultra 9 Series 3 ප්‍රොසෙසරයකින් බලගන්වා ඇති මෙය පැය 32ක් දක්වා බැටරි ආයු කාලයකින් සමන්විත වන අතර, කාර්යක්ෂම පරිගණක අත්දැකීමක් අපේක්ෂා කරන වෘත්තිකයන් සහ නිර්මාණකරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබේ.

ROG මාදිලි අතර ප්‍රධානතම උපාංගයක් වන Zephyrus DUO (GX651AX) Gaming සහ නිර්මාණාත්මක කටයුතුවල නිරත වන අය සඳහා සුදුසු ඉහළ කාර්යසාධනයක් සහිත ලැප්ටොප් පරිගණකයකි. මෙහි අඟල් 16ක 3K OLED Nebula touchscreen තිර දෙකක් ඇතුළත් වේ. NVIDIA GeForce RTX 5090 දක්වා GPU පහසුකම් සහිත මෙය Intel Core Ultra ප්‍රොසෙසර, උසස් AI තාක්ෂණය සහ ROG Intelligent Cooling පද්ධතියකින් සමන්විත වේ.

මෙම Zephyrus Duo ලැප්ටොප් පරිගණකය Gaming සඳහා ඉහළ කාර්යසාධනයක් ලබාදෙන අතර, නිර්මාණාත්මක සහ අනෙකුත් වෘත්තීය කටයුතු සඳහා ද භාවිත කළ හැකිය.

මෙම මාදිලි එකතුවට එක් වන තවත් සුවිශේෂී ලැප්ටොප් මාදිලියක් වන TUF Gaming 16 මිලිටරි මට්ටමේ ශක්තිමත්භාවයක් සහ කල්පැවැත්මක් සහිතව නිර්මාණය කර තිබේ.

නවතම Intel Core i7 දක්වා වූ ප්‍රොසෙසරයකින් සහ NVIDIA GeForce RTX 5060 GPU එකකින් බලගන්වා ඇති එය Gaming, අධ්‍යාපන කටයුතු, නිර්මාණකරණය සහ එදිනෙදා වැඩකටයුතු ඇතුළු විවිධ කාර්යයන් සඳහා භාවිත කළ හැකි බහුකාර්ය ලැප්ටොප් පරිගණකයක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

මෙම නව මාදිලිවලට අමතරව, ASUS විසින් යාවත්කාලීන කරන ලද ASUS Vivobook S14 (M3407GA), Vivobook 15 (M1502NAQ) සහ ROG Strix Scar 18 (G835) ලැප්ටොප් මාදිලි ද හඳුන්වා දෙන ලදී.

තම නිෂ්පාදන පෙළට තවත් අගයක් එක් කරමින් ASUS සමාගම සිය පාරිභෝගිකයන්ට ඉහළම පරිගණක අත්දැකීමක් ලබාදීම සඳහා "ASUS 4A Guarantee" වගකීම ද පිරිනමයි.

Related recommendation
Hiru TV News | Programmes