General11 August 2026

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්නට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes