ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහයෝගයෙන් 2026 අගෝස්තු 8 සිට 13 දක්වා ඉන්දියාවේ විශේෂ ව්‍යාපාරික දූත සංචාරයක් සංවිධානය කර ඇත.
එහි ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම මෙන්ම ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමයි.
මෙම දූත පිරිසට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම Mansoor Gems, Punsiri Gems, Gem Paradise, Beauty Gems, Gemluxe Ceylon, Ashadi Jewellers, GemTrad, Ceylon Gemora සහ Cey Gems වැනි ප්රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
එමෙන්ම, ක්ෂේත්රයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංගම් වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (Sri Lanka Gem & Jewellery Association), ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය (Lanka Gem Dealers & Miners Association) සහ සීලෝන් මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය (Ceylon Gem & Jewellery Traders Association) නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම දූත පිරිසට එක් වූහ. මෙම සංගම් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශන වන FACETS 2027, Gem Sri Lanka සහ Gem City Rathnapura ද ප්‍රවර්ධනය කරන ලදී.
සංචාරය අතරතුර, 2027 ජනවාරි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ප්‍රදර්ශනය සඳහා ඉන්දියානු සහ ජාත්‍යන්තර ප්‍රජාවට විශේෂ ආරාධනයක් ද සිදු කෙරිණි.
මෙහිදී හුදෙක් ගැනුම්කරුවන් සහ ආයෝජකයන් පමණක් නොව, උසස් තාක්ෂණය, යන්ත්‍රෝපකරණ සහ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට අදාළ අනෙකුත් අංශවල නිරත ජාත්‍යන්තර ප්‍රදර්ශකයන්ට ද (Inteational Exhibitors) මෙම ප්‍රදර්ශනයට එක්වන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විශේෂයෙන් දිරිමත් කළේය.
මෙම දූත පිරිස මුම්බායි හි පැවති India Inteational Jewellery Show (IIJS) ප්‍රදර්ශනයට සහභාගී වූ අතර, Bombay Chamber of Commerce and Industry (BCCI) ඇතුළු ඉන්දියාවේ ප්රමුඛ පෙළේ වෙළඳ මණ්ඩල කිහිපයක් සමඟ ද සාකච්ඡා පවත්වන ලදී.
Latest News
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට : CCDය අධිකරණයෙන් ඉල්ලයි
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් - කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි