විදේශ ප්‍රේෂණ ලැබීමේ ධනාත්මක ප්‍රවණතාව මත පදනම්ව, 2026 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 9ක විදේශ සංචිත ඉලක්කය සාර්ථකව ළඟා කර ගත හැකි බවට රජය දැඩි විශ්වාසයකින් පසු වන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
2026 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකා විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ඩොලර් බිලියන 5කට අධික ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව, 2028 වසරේදී උද්ගත වන දැවැන්ත විදේශීය ණය ගෙවීම්වලට මුහුණ දීම සඳහා විදේශ විනිමය මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමට සහ වැඩි වශයෙන් සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආයෝජන, අපනයන සහ ප්‍රේෂණ ඇතුළු විවිධ මාර්ග හරහා ශුද්ධ විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
2028 අප්‍රේල් මාසයේදී රටට ඩොලර් බිලියන 3.9ක පමණ විදේශීය ණය ආපසු ගෙවීමට සිදුවන පසුබිමක, සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර ඔස්සේ විදේශ ආදායම් වර්ධනය කර ගැනීමටත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපළේ වැඩි ඉපැයීම් ලබාගත හැකි ක්ෂේත්‍ර වෙත ශ්‍රමිකයන් යොමු කිරීමටත් මූල්‍ය උපායමාර්ග සකස් කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026
හග්ගලදී බස් රථයක තිරිංග අක්‍රිය වී මාරාන්තික අනතුරක්: පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
23 August 2026
ග්‍රාම නිලධාරිනියකට අන්තර්ජාලය හරහා අපහාස කළැයි එක්සත් රණවිරු සංගමයේ කැඳවුම්කරු රිමාන්ඩ්
Local
23 August 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා
Local
23 August 2026
බොන්න වතුර ටිකක් දෙන්න - විල්ගමුව ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලයි
Local
23 August 2026
බොරැල්ලේ නිවසක් අසළින් අත්බෝම්බයක් සොයා ගැනේ
Local
23 August 2026
මඩකලපුව කෝට්ටේකල්ලාර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට
Local
23 August 2026