Business24 August 2026

ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම මුල් මාස හතේදී ඩොලර් බිලියන 1.79ක් දක්වා පහළට

2026 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ඉපැයීම් පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 11.5 කින් පහත වැටී ඇමරිකානු ඩොලර් බිලියන 1.79 ක් දක්වා අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.

මධ්‍යම ආසියානු සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තා මධ්‍යයේ, සංචාරක ඉපැයීම් ඉලක්ක කරා ළඟා වීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, ජූලි මාසයේ සංචාරක ඉපැයීම් ද සියයට 11.5 කින් පහත වැටී ඩොලර් මිලියන 285.5 ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) විසින් 2026 වසර සඳහා අපේක්ෂිත ඩොලර් බිලියන 4.2 ක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස පහ තුළ (අගෝස්තු සිට දෙසැම්බර් දක්වා) මසකට දළ වශයෙන් ඩොලර් මිලියන 480 ක මාසික ආදායමක් උත්පාදනය කිරීමට සිදුව තිබෙනවා.

මෙම ආදායම් පරතරය පියවා ගැනීම සඳහා තාවකාලික අලෙවිකරණ මෙහෙයුම්, ඉහළ වියදම් දරන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සහ ගුවන් සේවා හවුල්කාරීත්වයන් පුළුල් කිරීමට සංචාරක බලධාරීන් බලාපොරොත්තු වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes