Business25 August 2026

කැනඩාවෙන් ගෙන්වන මෝටර් රථ, ලොරි සහ වානේ සඳහා අමෙරිකාවෙන් 50%ක නව බද්දක්

කැනඩාවෙන් ආනයනය කරන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා සියයට 50ක තීරුබද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඒ, අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමත් සමගයි.

ඒ අනුව, මෙම බදු පැනවීම 2027 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවටයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් එම භාණ්ඩ අමෙරිකාව තුළ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබද්දක් අය නොකරන බවටද ඔහු අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම වෙළෙඳ කටයුතුවලදී කැනඩාව ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන බවට ද ට්‍රම්ප් විසින් චෝදනා කර තිබෙනවා.

අමෙරිකාවට කැනඩාව අවශ්‍ය නොමැති බවත්, කැනඩාවට තම රට අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes