Business31 August 2026

අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 ජූලි මාසයේදී 7.3% ක් ලෙස සටහන් වූ මෙරට සමස්ත උද්ධමනය 2026 අගෝස්තු මාසයේදී 8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2026 ජූලි මාසයේදී පැවති ආහාර උද්ධමනය 6.3%ක අගයේ සිට අගෝස්තු මාසය වන විට 8.5% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

ආහාර නොවන උද්ධමනය ජූලි මාසයේ පැවති 7.8% අගයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 7.7% දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes