Business01 September 2026

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01) තරමක් පහළ ගොස් තිබෙනවා.

මැදපෙරදිග පවතින ආතතිකාරී තත්ත්වය මෙන්ම මෙම සතියේ නිකුත් කිරීමට නියමිත ප්‍රධාන අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳව වෙළෙඳුන්ගේ අවධානය යොමුවීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව, ස්පොට් රන් අවුන්සයක මිල 0.3%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 4,437.10ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම අනාගත ගනුදෙනුකරුවන් සමග කරන රන් ගනුදෙනුවලදී රන් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 4,485.30ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා.

ඒ හේතුවෙන් මැදපෙරදිග ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, තෙල් මිලද අඛණ්ඩව දෙවැනි දිනටත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විශේෂයෙන්ම පොලී අනුපාත ඉහළ යාම සාමාන්‍යයෙන් පොලී ආදායම් ලබාදෙන වත්කම්වල ආකර්ෂණය වැඩි කරන බැවින් රන් මිලට පීඩනයක් එල්ල කරන බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

අනෙකුත් වටිනා ලෝහ අතර, රිදී මිල 0.3%කින් ඉහළ ගොස් අවුන්සයකට ඩොලර් 66.34ක් ලෙසත්, ප්ලැටිනම් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 1,793.03ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

පැලේඩියම් මිල ඩොලර් 1,356.75ක් ලෙස සටහන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes