අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යළි මතුවෙමින් පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට ආයෝජකයින් අතර පැවැති අවිනිශ්චිතතාව හමුවේ, අද (03) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුළු පහළ යාමක් පෙන්නුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
ඒ අනුව Brent බොරතෙල් බැරලයක මිල ශත 43කින් (0.45%) පහළ ගොස් ඩොලර් 95.20ක් ලෙස සටහන්ව තිබෙනවා.
එසේම WTI බොරතෙල් බැරලයක මිල ශත 24කින් පහළ ගොස් ඩොලර් 90.77ක් ලෙස සටහන් වුණා.
පසුගිය වෙළඳ වාරය තුළ Brent සහ WTI මිල ගණන් බැරලයකට ඩොලර් 2ක උපරිමයක සහ ඩොලර් 1ක අවමයක අගයන් අතර දෝලනය වීමක් දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ.
එම වෙළඳ වාරයේ වාර්තා වූ මිල ගණන් ජූලි 24 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයන් වෙනවා.
ඉරානයට එරෙහිව යළි ආරම්භ කළ හමුදාමය ක්‍රියාමාර්ගය "දීර්ඝ කාලයක්" නොපවතිනු ඇති බවත්, එක්සත් ජනපද හමුදා විසින් ඉරානයේ රේඩාර් සහ මිසයිල පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (02) ප්‍රකාශ කළා.
"හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඔවුන් නිර්මාණය කිරීමට උත්සාහ කළ ආරක්ෂක සහ ප්‍රහාරාත්මක නව උපකරණ සියල්ලම පාහේ අපි විනාශ කළා. ඊයේ රාත්‍රියේ ඉතා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ අතර, ඕනෑම අවස්ථාවක නැවත එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට අපි සූදානම්," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සන්සුන් තත්ත්වය තවදුරටත් පැවතුණහොත්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා රහසිගත නෞකා සහ නෞකාවෙන් නෞකාවට කෙරෙන තෙල් හුවමාරු මගින් සිදු කෙරෙන තෙල් ප්‍රවාහනය නැවතත් පසුගිය සතියේ පැවැති මට්ටමට පැමිණීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බව විශ්ලේෂක ටෝනි සිකමෝර් පෙන්වා දෙන්නේ.
කප්ලර් ආයතනයේ මූලික නෞකා දත්තවලට අනුව, බදාදා දිනයේදී වාණිජ නෞකා 4ක් පමණක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර, එය සාමාන්‍යයෙන් දින 10ක් තුළ ගමන් කරන නෞකා 13ක අගයට වඩා සැලකිය යුතු පහළ යාමක්.

Latest News
ඉන්දීය ‘INS UDAYGIRI’ යුද නෞකාව කොළඹට පැමිණෙයි
Local
08 September 2026
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව 'Colombo Marathon - 2026' පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
මාර්ග ආරක්ෂාවට කැපවූවන් ඇගයීමට ජනාධිපති සම්මාන උළෙලක්
Local
08 September 2026
2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31ක් වහලා
Local
08 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් 24දෙනාගේ ලිඛිත දේශන ගොනු කරයි
Local
08 September 2026
දිට්වා පීඩාවට පත් ව්‍යාපාර සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රම දෙකක්
Local
08 September 2026
රාජ්‍ය ආයතන තුළ ‘ඩිජිටල් සංවර්ධන ඒකක’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
08 September 2026
දුම්රිය වෘත්තීය සමිති පැය 48ක වැඩවර්ජනයකට සැරසෙයි
Local
08 September 2026
කොළඹ මහාධිකරණයේ නඩුවකට අල්ලස් ගත්තැයි අධිකරණ කාර්යාල කාර්ය සහයකයෙක් දැලේ
Local
08 September 2026