Sports10 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: රත්ගම දේවපතිරාජ අපරාජිතව අවසන් පූර්ව වටයට

පසුගිය වර අනුශූර රත්ගම දේවපතිරාජ විද්‍යාලය අපරාජිතව වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී සහභාගිවූ තරග 4ම ජයගනිමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් අවසන් පූර්ව තරගයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 3කින් පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

පළමුව පන්දුවට පහරදුන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 58ක් රැස් කළ අතර, එහිදී වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වූ යසිරු ලක්ෂාන් ලකුණු 58ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ධර්මරාජ විද්‍යාලයට පන්දුවාර 49.4කදී සියළු දෙනා දැවී රැස්කගත හැකිවූයේ ලකුණු 224ක් පමණයි. ධර්මරාජ ඉනිම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදුන් ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක පන්දු 121කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 103ක් රැස් කළද එය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් වුණේ නැහැ.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය අවසන් පූර්ව තරගයේදි කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සමගින් තරග වැදීමට සිදුව තිබෙනවා.

රත්ගම දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 3ක ජයක්.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය: 227/9 (පන්දුවාර 50) යසිරු ලක්ෂාන් 58, ගිම්හාන් රසාංජන 36, පුල්ජිත් වත්සුක 31, සුමේධ සම්පත් 28, කාශ්‍යප දිසානායක 36/2
මහනුවර ධර්මරාජ විද්‍යාලය: 224 (පන්දුවාර 49.4) කාශ්‍යප දිසානායක 103, ගවේෂ් පූර්ණ 49, හර්ෂ මධුසංක 29/2, දියත් සංජිත 56/2
Related Recomands
Hiru TV News | Programmes