ලෝකයේ අවුරුදු 13න් පහළ වයස කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයට පත්ව ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දීමට වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සමත් වී තිබෙනවා.
ලෝක චෙස් සම්මේලනය විසින් ලෝකයේ අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව පළමු ස්ථානයට (2272) පත්ව සිටින දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන මීට අමතරව තමන්ට වඩා වයස්ගත ක්‍රීඩිකාවන් ද අයත්වන ලොව අවුරුදු 20න් පහළ චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව 42වැනි ස්ථානය හිමිකර ගැනීමද විශේෂත්වයක්.
චෙස් ක්‍රීඩාවෙන් මෙවැනි දක්ෂතාවයක් ප්‍රකට කළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම චෙස් ක්‍රීඩිකාව ඇයයි.
රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙන් චෙස් ක්‍රීඩාවට එක්වූ දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන 2021 වසරේ සිට අඛණ්ඩව දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියක් හිමිකර ගනිමින් මෙම දක්ෂතාව පෑමට සමත්වූවා.
2024 වර්ෂයේදී පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී අවුරුදු 12න් පහළ ඉසව්වේදී රන් පදක්කම දිනාගත් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන ආසියානු මට්ටමේ විවිධ තරගාවලීන්හිදී රන් සහ රිදී පදක්කම් රැසක් දිනාගනිමින් මව්බිමට කීර්තියක් අත්කරදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ලාබාලතම වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ක්‍රීඩිකාව සහ ලාබාලතම ජාතික චෙස් ශූරිය ලෙසින් මෙරට චෙස් ක්‍රීඩාවේ වාර්තා රැසකට හිමිකම් කියන දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන වර්තමානයේදී කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටිනවා.
දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන මෙරට ප්‍රවීණ චෙස් පුහුණුකරුවකු වන අකිල කාවින්ද යටතේ පුහුණුව ලබනවා.

Latest News
ඇමරිකානු රජය මේ සති අන්තයේ ‘ෂට් ඩවුන්’
Local
31 January 2026
ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
Local
31 January 2026
තියුණු ආයුධයකින් පහරදී පියා විසින් දුව ඝාතනය කරයි
Local
31 January 2026
පාසල් සංවර්ධන නිලධාරීන් 06 වැනි දිනටත් උපවාසයේ
Local
31 January 2026
ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
Local
31 January 2026
එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘මූල්‍යමය වශයෙන් බිඳ වැටීමේ’ අවදානමක - UN මහලේකම්
Local
31 January 2026
රජයේ වෛද්‍යවරුගේ තීරණාත්මක සාකච්ඡාවක් අද
Local
31 January 2026
2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ විනිසුරුවන් නම් කෙරේ
Local
31 January 2026
‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
31 January 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
31 January 2026