ලෝකයේ අවුරුදු 13න් පහළ වයස කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයට පත්ව ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දීමට වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සමත් වී තිබෙනවා.
ලෝක චෙස් සම්මේලනය විසින් ලෝකයේ අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව පළමු ස්ථානයට (2272) පත්ව සිටින දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන මීට අමතරව තමන්ට වඩා වයස්ගත ක්‍රීඩිකාවන් ද අයත්වන ලොව අවුරුදු 20න් පහළ චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව 42වැනි ස්ථානය හිමිකර ගැනීමද විශේෂත්වයක්.
චෙස් ක්‍රීඩාවෙන් මෙවැනි දක්ෂතාවයක් ප්‍රකට කළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම චෙස් ක්‍රීඩිකාව ඇයයි.
රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙන් චෙස් ක්‍රීඩාවට එක්වූ දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන 2021 වසරේ සිට අඛණ්ඩව දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියක් හිමිකර ගනිමින් මෙම දක්ෂතාව පෑමට සමත්වූවා.
2024 වර්ෂයේදී පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී අවුරුදු 12න් පහළ ඉසව්වේදී රන් පදක්කම දිනාගත් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන ආසියානු මට්ටමේ විවිධ තරගාවලීන්හිදී රන් සහ රිදී පදක්කම් රැසක් දිනාගනිමින් මව්බිමට කීර්තියක් අත්කරදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ලාබාලතම වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ක්‍රීඩිකාව සහ ලාබාලතම ජාතික චෙස් ශූරිය ලෙසින් මෙරට චෙස් ක්‍රීඩාවේ වාර්තා රැසකට හිමිකම් කියන දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන වර්තමානයේදී කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටිනවා.
දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන මෙරට ප්‍රවීණ චෙස් පුහුණුකරුවකු වන අකිල කාවින්ද යටතේ පුහුණුව ලබනවා.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026