Sports06 June 2026

හිරු ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග අදත්

55 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයඹ පළාත් සහ මධ්‍යම පළාත් තරග වෙන්නප්පුව මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (05) ආරම්භ වුණා.

හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රියාත්මක වන ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබනවා.

හිරු ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයඹ පළාත් සහ මධ්‍යම පළාත් තරග තෙදිනක් පුරා ක්‍රියාත්මක වන අතර, වයස් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පාසල් 220 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,500කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.

තරග ඉසව් 42ක් යටතේ තරගාවලිය ක්‍රියාත්මක වන අතර, ඊයේ අවසන් වූ පළමු දිනයේදී ඉසව් 22ක තරග ක්‍රියාත්මක වුණා.
Related Recomands
Hiru TV News | Programmes