ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන FIFA World Cup 2026 ආරම්භ කරමින් එහි සමාරම්භක මහා තරගය අද (11) මෙක්සිකෝ නුවරදී පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙනවා.
වසර 100කට ආසන්න ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් තුනක (මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය) ඒකාබද්ධ සත්කාරකත්වයෙන් (Joint hosts) පැවැත්වෙන මෙම තරගාවලියේ අවසාන මහා තරගය එළඹෙන ජූලි 19 වැනිදා අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය ඉතිහාසයේ දැවැන්තම ලෝක කුසලානය වන අතර, ඊට රටවල් 48ක් තරග වදියි.
කණ්ඩායම් 48, කාණ්ඩ 12කට (Groups of 4) බෙදා ඇති අතර, එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක ලබාගන්නා කණ්ඩායම් සෘජුවම '32 වටය' (Round of 32) සඳහා සුදුසුකම් ලබනවා.
ඉතිරි ස්ථාන සඳහා කාණ්ඩ මට්ටමේ තෙවැනි ස්ථාන දිනාගත් හොඳම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 8ක් තේරී පත්වෙනවා.
කාණ්ඩ වටයේදී තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 3ක් ද, සම වීමකදී (Draw) කණ්ඩායම් දෙකටම 1 ලකුණ බැගින් ද හිමිවන අතර, පරාජය වන කණ්ඩායමට ලකුණු හිමි නොවේ.
කාණ්ඩ වටයේදී දඬුවම් පහර (Penalty shootouts) ක්‍රියාත්මක නොවන අතර, 32 වටයෙන් පසු තරගයක් සම වුවහොත් අමතර විනාඩි 30ක් ලබා දී, එහිදීත් සම වුවහොත් පමණක් දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තීරණය කරනවා.
තරගයක් විනාඩි 90ක් පුරා අර්ධ දෙකකින් (විනාඩි 45 බැගින්) පැවැත්වෙන අතර, මැද භාගයේදී විනාඩි 15ක විවේකයක් හිමිවේ. මෙවර ගිම්හාන කාලගුණය (Summer heat) සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයින් සඳහා අනිවාර්ය ජල විවේක කාලයන් (Mandatory water breaks) ද හඳුන්වා දී තිබෙනවා.
මෙවර සත්කාරක නගර (Host Cities) වන්නේ මෙක්සිකෝවේ ග්වාඩලහාරා, මොන්ටෙරේ සහ මෙක්සිකෝ සිටි. කැනඩාවේ ටොරොන්ටෝ සහ වැන්කුවර්, අමෙරිකාවේ ඇට්ලන්ටා, බොස්ටන්, ඩලස්, හූස්ටන්, කැන්සාස් සිටි, ලොස් ඇන්ජලීස්, මියාමි, නිව්යෝර්ක්/නිව් ජර්සි, ෆිලඩෙල්ෆියා, සැන් ෆ්රැන්සිස්කෝ සහ සියැටල් යන නගරයි.
එමෙන්ම, ලෝක පාපන්දු පිටියේ දශක දෙකක සලකුණ වූ ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී (වයස 39) සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (වයස 41) සහභාගී වන අවසාන ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇති බවටයි වාර්තා වන්නේ.
තරගාවලිය කණ්ඩායම් 48ක් දක්වා පුළුල් කිරීමත් සමඟ රටවල් 4ක් සිය ප්‍රථම ලෝක කුසලාන අත්දැකීම ලබාගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව, ජනගහනය 156,000ක් වන කුඩා දිවයිනක් වන කියුරකාඕ (Curaçao) ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ කුඩාම රට ලෙස ඉතිහාසගත වන අතර, කේප් වර්ඩ් (Cape Verde), ජෝර්දානය (Jordan) සහ ප්‍රවීණ ඉතාලි හිටපු නායක ෆැබියෝ කැන්නවාරෝගේ පුහුණුකාරීත්වයෙන් යුත් උස්බෙකිස්ථානය (Uzbekistan) මෙලෙස අලුතින්ම ලෝක කුසලාන පිටියට අවතීර්ණ වෙනවා.
ප්‍රංශය සහ සෙනගාලය (ජූනි 16) / ගානාව සහ එංගලන්තය (ජූනි 23) අතර තරග පැරණි යටත්විජිත ඉතිහාසයේ සෙවනැලි මධ්‍යයේ පැවැත්වෙන බැවින් දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති.
ඉරානය සහ ඊජිප්තුව අතර අමෙරිකාවේ සියැටල් නුවර පැවැත්වෙන මෙම තරගය, එරට සමලිංගික (LGBT) ප්‍රජාව ඇගයීම වෙනුවෙන් 'Pride' තරගයක් ලෙස නම් කිරීමට ප්‍රාදේශීය සංවිධායකයින් ගත් තීරණයට රටවල් දෙකෙහිම පාපන්දු සම්මේලන ෆීෆා ආයතනය වෙත සිය නිල විරෝධය පළ කර තිබෙනවා.
එමෙන්ම, අමෙරිකාව සමඟ දේශපාලනමය වශයෙන් යුධමය වාතාවරණයක පසුවන ඉරාන කණ්ඩායම, සිය සියලුම කාණ්ඩ වටයේ තරග ඇමරිකාව තුළ ක්‍රීඩා කළ යුතු වුවද, තම පුහුණු කඳවුර මෙක්සිකෝව තුළ පිහිටුවීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයක්.
BBC ලිපියක් ඇසුරින්.

Latest News
අගමැති මෝදිගේ ඓතිහාසික වාර්තාවට සුබ පැතූ ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රතිචාරයක්!
Local
11 June 2026
උතුරු අමෙරිකාවේ දරුණු ගිම්හානය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට තර්ජනයක් වෙයිද?
Local
11 June 2026
බිලියන ගාණක අතිරික්තයක් නෑ - 2026 පළමු කාර්තුවේ අයවැය හිඟය රු. බිලියන 606ක්
Local
11 June 2026
තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට
Local
11 June 2026
''ගත්ත ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා'' - මාලිමා මන්ත්‍රීනි ලක්මාලිගෙන් හෙළිදරව්වක්
Local
11 June 2026
පවුල් ආරවුලේ ක්ෂණික කෝපය උදුරාගත් ජීවිත දෙකක ඛේදනීය ඉරණම!
Local
11 June 2026
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
Local
11 June 2026
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
11 June 2026
ප්‍රහාර හමුවේ කුවේට් රාජ්‍යය සිය ගුවන් සීමාව වසා දමයි
Local
11 June 2026
ඉතිහාසයේ දැවැන්තම FIFA පාපන්දු ලෝක කුසලානය ඇරඹීමට සියල්ල සූදානම්: අලුත් රසිකයෙක් නම් මේ විස්තරය වැදගත් වෙයි
Local
11 June 2026