බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් (North Sound) හි සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 308ක් ලබා ගැනීමට සමත් වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 71.5 ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 308 ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ නායක ධනංජය ද සිල්වා පන්දු 168 කට මුහුණ දෙමින් හතරේ පහර 17 ක් සමඟින් ලකුණු 120 ක් රැස් කළා.
දිනේෂ් චන්දිමාල් පන්දු 67 කින් ලකුණු 54 ක්ද, සොනාල් දිනූෂ පන්දු 75 කදී ලකුණු 43 ක්ද, මිලාන් රත්නායක ලකුණු 27 ක් ද, නිශාන් මධුෂ්ක ලකුණු 23 ක් ද රැස් කළා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම නිරත වූ ජස්ටින් ග්‍රීව්ස් (Justin Greaves) ලකුණු 39 කට කඩුලු 3 ක් බිඳ හෙළුවා.
කෙමාර් රෝච් (Kemar Roach) ලකුණු 32 කට කඩුලු 2 ක්ද, අල්සාරි ජෝසප් (Alzarri Joseph) ලකුණු 60 කට කඩුලු 2 ක් සහ ශමාර් ජෝසප් (Shamar Joseph) ලකුණු 79 කට කඩුලු 2 ක් බැගින්ද, ජේඩන් සීල්ස් (Jayden Seales) ලකුණු 73 කට එක් කඩුල්ලක්ද දවා ගත්තා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසු සිය පළමු ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ පළමු දිනය නිමාවන විට පන්දුවාර 1ක් අවසානයේ කිසිවකු නොදැවී කිසිදු ලකුණක් රැස්කරගෙන නොසිටි අතර, ඒ අනුව කොදෙව් කණ්ඩායම පළමු දිනය අවසානයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 308ක් පසුපසින් සිටිනවා.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින ජෝන් කැම්බල් (John Campbell) පන්දු 6කට මුහුණ දී ලකුණු ලබා නොමැති අතර, බ්‍රැන්ඩන් කිං (Brandon King) තවමත් පන්දුවකට මුහුණ දී ඇත්තේ නැහැ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පන්දුවාරය අසිත ප්‍රනාන්දු විසින් යවනු ලැබුවා.

Latest News
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උණුසුම්ම ජුනි දිනය වාර්තා වෙයි: සෙල්සියස් 36.4 ඉක්මවූ රශ්මියෙන් රටම අඩපණයි
Local
26 June 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308යි
Local
26 June 2026
කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී නායක ධනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්
Local
26 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි
Local
26 June 2026
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026