Sports26 June 2026

කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී නායක ධනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් (North Sound) හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 102 ක් ලබා ගැනීමට සමත් වුණා.

සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (25) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

තරගයේ මැද පෙළ කඩුලු කිහිපයක් බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා ඉනිම යම් අර්බුදයකට ලක්වූවද, කණ්ඩායම යළිත් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ධනංජය ද සිල්වාගේ පිතිහරඹය සමත් වුණා.

තරගයේ පළමු දිනයේ තුන්වන සැසිය ක්‍රියාත්මක වන විට සිය අගනා ශතකය සම්පූර්ණ කළ ධනංජය ද සිල්වා, ඒ සඳහා පන්දු 150 කට මුහුණ දුන්නා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළ ඔහුගේ මෙම නොදැවුණු ඉනිම සඳහා අලංකාර හතරේ පහරවල් 15 ක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිමට කඩුළු 06ක් දැවී ලකුණු 241ක් රැස්කරගෙන සිටිනවා.
Related Recomands
Hiru TV News | Programmes