23 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංගට අදාළ පදක්කම ප්රදානය මීට සුළු මොහොතකට පෙර සිදුවුණා.
මීටර 89.75ක දක්ෂතාවයක් දක්වමිනුයි ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ.
විසි වසරකට පසු පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම මෙය වීමත් විශේෂත්වයක්.
හෙල්ල විසි කිරීමේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (01) අලුයම පැවති අතර, ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා ඇතුලු ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අවසන් තරගයට සුදුසුකම් ලබා සිටි අතර මෙම තරගය කෙරෙහි කාගේත් වැඩි අවධානයක් යොමුව තිබුණා.
ඒ අතරින් රුමේෂ් ද කැපී පෙනුනේ ඔහු මේ වන විට ලොව අංක දෙකේ ක්‍රීඩකයා මෙන්ම අවසන් වරට පැවැති සියලු ජාත්‍යන්තර තරගවලදී ලක් මව රනින් සරසන්නට සමත්ව තිබීම හේතුවෙන්.
ඒ අනුව දෙකෝටි 20ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ රන් පදක්කම් බලාපොරොත්තුව සියතට ගත්තද රුමේෂ්ගේ පළමු උත්සහය අසාර්ථක වුණා.
එම අවස්ථාවේදී මොහොතකට සසල වූ ලාංකික හදවත්වල යළි බලාපොරොත්තුවේ පහන් දල්වමින් රුමේෂ් තම දෙවන උත්සහයේදී මීටර් 89.75ක දුරක් සිය හෙල්ලය එල්ල කරන්නට සමත්වුණා.
වසර 20ක් පුරාවට ශ්‍රී ලාංකිකයන් මුහුණ පා සිටි පොදු රද මඬුලු රන් පදක්කම් ඉඩෝරය අවසන් වන බවට එය සුබ ලකුණක් වුණා.
ඒ අතරවාරයේ ඔලිම්පික් රන් පදක්කම් ලාභි ඉන්දිය ක්‍රීඩක නීරාජ් චොප්රා ඇතුලු ප්‍රබල ක්‍රීඩකයින් අවස්ථා කිහිපයකදීම රුමේෂ් පසුකර යන්නට උත්සහ ගත්ත ද ඊට අවස්ථාවක් උදාවුණේ නැහැ.
ඒ අනුව 20 වසරකට පසු ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානයෙන් ගැයෙද්දී ශ්‍රී ලංකා මාතෘ භූමියට අභිමානයක් එක් කරන්නට රුමේෂ් තරංගට හැකියාව ලැබුණා.
රුමේෂ් දිනාගත් රන් පදක්කම ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවලදී දිනාගත් 5වැනි රන් පදක්කම වන අතර, මීට පෙර 1983 වසරේදී බොක්සිං ක්‍රීඩාවෙන් බාර්නි හෙන්රික්ස්, 1950 වසරේදී යාර 440 බාධක දිවීම තරගයෙන් ඩන්කන් වයිට්, 1998 වසරේදී වායු රයිෆල් වෙඩි තැබීම යුගල තරගයෙන් පුෂ්පමාලි රාමනායක සහ මාලිනී වික්‍රමසිංහ රන් පදක්කම් දිනාගෙන තිබුණා.
ශ්‍රී ලංකාවට අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කමක් දිනාදුන්නේ 2006 වසරේ බර ඉසිලීමේ ඉවව්වෙන් චින්තන ගීතාල් විතානගේයි.
ඒ අනුව මලල ක්‍රීඩා පිටිය ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනාගත් පළමු පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කම ලෙස ද රුමේෂ්ගේ රන් පදක්කම ඉතිහාසයට එක්වනවා.

Latest News
ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් විවෘත වෙයි: කොත්මලා ඔයේ දෙපස වැසියන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි
Local
03 August 2026
හබරණදී ධාවනය වූ මෝටර් රථයක් වන අලියෙකුගේ ගැටෙයි : සිව්දෙනෙක් දිව ගොස් දිවි බේරාගනී
Local
03 August 2026
මහර නොසන්සුන්තාවයට මුල මත්ද්‍රව්‍ය ඇතුළට යන ජාවාරම අඩාල වීමද? : පොලිසියෙන් තවදුරටත් විමර්ශන
Local
03 August 2026
කෑගල්ල කරඬුපනදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් ගැටෙයි: 18 කට තුවාල
Local
03 August 2026
ට්‍රම්ප් - ඉරාන සාකච්ඡා ආරම්භයත් සමග ලෝක වෙළඳපොළේ තෙල් මිල 5%කින් පහළට
Local
03 August 2026
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි : දෙරට අතර සාකච්ඡා අදම
Local
03 August 2026
තද වැසි හේතුවෙන් හැටන් - නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර
Local
03 August 2026
පළාත් රැසකට වැසි සහ තද සුළං: ස්ථාන කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
03 August 2026
උඩුනුවර, යටිනුවර ඇතුළු ප්‍රදේශ රැසක මහවැලි පහත්බිම්වලට ගංවතුර අවදානමක්
Local
03 August 2026
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026