ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් පසු ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආර්ජන්ටිනා ක්‍රීඩකයින් තිදෙනෙකුට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ස්පාඤ්ඤයේ එරික් ගාර්සියාගේ ගෙල තදින් අල්ලා ගැනීම සහ ගාවි බිමට තල්ලු කර දැමීම සම්බන්ධයෙන් ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක ලෙයන්ඩ්රෝ පරේඩෙස්ට තරග 10 ක තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තහනම 2014 වසරේදී උරුගුවේ ක්‍රීඩක ලුයිස් සුවාරෙස්ට පැනවූ තහනමට පසුව ලෝක කුසලාන ඉතිහාසයේ පනවන ලද බරපතලම දඬුවම් අතරට එක්වනවා.
මීට අමතරව, ආර්ජන්ටිනා පසුපෙළ ක්‍රීඩක නහුවෙල් මොලීනාට තරග 7ක තහනමක් සහ තියාගෝ අල්මාඩාට එක් තරගයක තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම, පරේඩෙස් සහ මොලීනාට අමෙරිකානු ඩොලර් 90,000ක් ද, අල්මාඩාට අමෙරිකානු ඩොලර් 30,000 ක දඩ මුදලක් ද අය කර තිබෙනවා.
2027 ජූනි දක්වා ජාතික කණ්ඩායම් සඳහා වන ජාත්‍යන්තර පාපන්දු තරග කාලසටහනට තරග 10 ක් ඇතුළත් වන බැවින්, පරේඩෙස්ට පැනවූ මෙම තහනම මගින් ඔහුට වසරක කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී යනවා.
අදාළ සිදුවීමට සම්බන්ධ ස්පාඤ්ඤයේ ගාවි හටද එක් තරගයක තහනමක් පනවා ඇති අතර, එය සැප්තැම්බර් 26 වනදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන නේෂන්ස් ලීග් තරගයේදී ක්‍රියාත්මක වීමට නියමිතයි.
එමෙන්ම, ආර්ජන්ටිනා සහකාර පුහුණුකරු රොබර්ටෝ අයාපාට ද තරග 3 ක තහනමක් සහ ඩොලර් 30,000 ක දඩයක් නියම කර තිබෙනවා.
තවද, ආර්ජන්ටිනාවට ඔවුන්ගේ ඊළඟ ගෘහස්ථ තරගය ධාරිතාවෙන් 50% කට සීමා වූ ක්‍රීඩාංගනයක ක්‍රීඩා කිරීමට ද නියෝග කර තිබෙනවා.
මූලාශ්‍රය - espn

Latest News
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ගැන ඇගයුමකුත්
Local
09 September 2026
කොණ්ඩ රංජි නමැත්තා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
09 September 2026
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026
දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි
Local
09 September 2026
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථන දත්ත ලබා ගැනීමට ඇපල් සමාගමට දැනුම් දී ඇතැයි සී.අයි.ඩී.ය අධිකරණයට දන්වයි
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුවට මාස හයකින් විසඳුම්: අලුතින් ලියාපදිංචි කරන වාහනවලට දින 7කින් අංක තහඩු
Local
09 September 2026
කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා: බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි
Local
09 September 2026
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
Local
09 September 2026