Sports10 June 2013

දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය අද ගැටේ.



චැම්පියන්ස් ලීග් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තරඟයක් අද (10) පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය අතරයි. මෙම තරගයේ ජයග්‍රහණය තරඟාවලිය තුළ තවදුරටත් රැඳී සිටීමට කණ්ඩායම් දෙකටම වැදගත් වනවා.  ඒ, මේ වනවිට දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය එම කාණ්ඩයේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම්වලට පරාජයට පත්ව තිබීමයි. තරඟාවලියට පෙර දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය පුහුණු තරඟයකට සහභාගි වූ අතර එහිදී පුහුණු තරඟයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත්වුණා. කෙසේ වෙතත් අද තරඟයට පුහුණු තරඟයට ක්‍රීඩා නොකළ ඬේල් ස්ටේන් සහ මෝනි මෝකල් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes