ව්‍යාජ බලපත්‍ර මත දඹුල්ල - කණ්ඩලම ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටියදී පොලිස් භාරයට ගත් අලි පැටවා මේ වනවිට සීගිරිය වනජිවි කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ නිවස අද (19* වැටලීමට ලක් කළා. එහිදී නිවසේ රඳවාගෙන සිටි මෙම අලි පැටවා සොයා ගත් බවයි දඹුල්ල පොලිසිය සඳහන් කළේ. පොලිස් නිලධාරීන් එම නිවසේ හිමිකරුගෙන් මෙම පැටවා රඳවාගැනීමට අදාළවන නීත්‍යානුකූල බලපත්‍රයක් ඇත්තේදැයි විමසා තිබෙනවා. එම අවස්ථාවේදී ඔහු ඊට අදාළ ලිපිලේඛන කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා මෙම අලි පැටවාට අදාළ නොවන බවයි එහිදී හෙළි වුණේ. ඒ අනුව, නිවෙස් හිමිකරු ද දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ බලපත්‍ර මත වන අලින් ළඟ තබාගැනීමේ චෝදනාවට දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් පළාත් සභා මන්ත්‍රීවරයෙකුට විකුණන ලද වන අලියෙකු සම්බන්ධයෙන් තොරතුරු ඔහු ඉදිරිපත් කළ ලේඛනවල සඳහන්ව ඇති බව පොලීසිය සඳහන් කළා.
කණ්ඩලම ප්‍රදේශයෙන් අද (19) සොයා ගත් මෙම අලි පැටවාගේ වයස අවුරුදු 7 ක්. සීගිරිය ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට පෙන්වීම සඳහා මෙම අලි පැටවා යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වනජීවි අධ්යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අද සොයා ගත් අලි පැටවා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි.

Latest News
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026