වසර 80 කට පසු නේපාලයට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් කත්මන්ඩු අගනුවර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ පිරිවෙණේ විහාරාධිපති පූජ්‍ය නාගොඩ අමරවංශ හිමියන් අද (26) මෙම කරුණු අනාවරණය කර සිටියා.
මේ අතර භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට සහ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 156 දෙනෙකු එරටට යැවීමට රජය තීරණය කර තිබෙනවා. එහි පළමු කණ්ඩායම ලෙස හමුදා නිලධාරීන් 44 දෙනෙකු සහ විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනෙකු රැගත් ගුවන් හමුදාවේ සී 130 වර්ගයේ යානාවක් අද උදෑසන කත්මන්ඩු නුවරට ළඟාවුණා.
මීට අමතරව විපතට පත්වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ජල බෝතල් තොගයක්ද එහිදී රැගෙන ගොස් තිබුණා. ඉතිරි හමුදා නිලධාරීන් ද කඩිනමින් එරට වෙත යැවීමට කටයුතු කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ.
මේ වනවිට නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන අදාල ගුවන් යානය අද රාත්රියේදී යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ.
භූ කම්පනයෙන් පසු නේපාල රජය මේ වනවිට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. කත්මන්ඩු අගනුවර පිහිටි ඓතිහාසික ධාරාහාරා කුළුණද භූකම්පනයෙන් විනාශ වුණා. වසර 1832 දී ඉදිකළ මෙම කුළුණ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙනවා. එමෙන්ම භූ කම්පනයෙන් අසල්වැසි රාජ්‍යයන් වන පාකිස්ථානයට සහ බංග්ලාදේශයට බලපෑම් එල්ලවූ අතර ඉන් වැඩිම බලපෑමක් එල්ලවූයේ ඉන්දියාවටයි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ඇතුලූ නගර රැසකට මෙම භූ කම්පනයෙන් බලපෑම් එල්ලවී ඇති අතර පුද්ගලයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කත්මන්ඩු අගනුවර සිට හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න කියා සිටියේ භූ කම්පනයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිසිවෙටත් හානි සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බවයි.
කෙසේ වෙතත් හදිසි අවස්ථාවක ඇමතීමට සහ තොරතුරු දැනුම්දීමට තානාපති කාර්යාලයේ 00 97 79 85 10 200 57 දුරකථන අංකය පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව තානාපතිවරයා කියා සිටියා.
භූ කම්පනයත් සමග ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නේපාල ජනාධිපති රාම් බරන් යාදෙව් සමග අද උදෑසන දුරකථන සංකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම අවාසනාවන්ත අවස්ථාවේ ශ්‍රී ලංකාව, නේපාලය සමඟ එක්ව සිටින අතර හැකි සෑම සහයෝගයක්ම නේපාලයට ලබාදෙන බවයි.
නේපාලයට වැඩිවශයෙන් වෛද්‍ය සහ සහන සේවාවන් අවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති වෛද්‍යවරුන් හෙදියන් සහ සහයකයන් වෙතොත් 071 24 92 484 දුරකථන අංකයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අමතන ලෙසටද නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය අද සඳහන් කළා.
කෙසේ වුවත් මෙම භූ කම්පනයෙන් බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ ලූම්බිණියට හානියක් සිදුවී නැහැ. එහෙත් කත්මන්ඩු නගරයේ බෞද්ධ විහාරස්ථාන රැසකට හානි සිදුව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ පිරිවෙණේ විහාරාධිපති පූජ්‍ය නාගොඩ අමරවංශ හිමියන් කියා සිටියා.
ශ්‍රී ලංකා මහා බෝධි සංගමය විපතට පත්වූ නේපාල වැසියන්ට සහන සැළසීමට විශේෂ වැඩපිළිවෙලක් සංවිධාන කර තිබෙනවා.
මේ අතර, අද දිනයේදීත් කත්මණ්ඩු අගනුවරට ආසන්නයේ රික්ටර් මාපකයේ 6.7ක පසු කම්පනයක් වාර්තා වුණා. එමෙන්ම භූ කම්පනයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 2300 ඉක්මවා ඇති බවයි නවතම විදෙස් වාර්තා සදහන් කළේ.
නේපාලයේ ඇති වී තිබෙන භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ කාර්යාංශයක් ද පිහිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. තොරතුරු ලබාදීමට සහ තොරතුරු ගැනීමට විශේෂ දුරකථන අංක දෙකක් ද හඳුන්වා දී තිබෙනවා. 0112 136 136 හෝ 0112 136 255 යන දුරකථන අංක දෙක ඇමතීමෙන් තොරතුරු ලබාදීමට සහ ලබාගැනීමට හැකියාව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයට ලෝක ක්‍රිකට් සංගමයේ සුබ පැතුම්
Local
10 August 2026
ලයිසන් නැති වැලි ගබඩාවේ හිමිකරු අත්අඩංගුවට
Local
10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට
Local
10 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය
Local
10 August 2026
ප්‍රකාශයක් දිමට සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
Local
10 August 2026
ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.59 දක්වා ඉහළට
Local
10 August 2026
ඉන්දියාවෙන් රුපියල් බිලියන 840ක දැවැන්ත සාගර තෙල් සහ ගෑස් ගවේෂණ ව්‍යාපෘතියක්
Local
10 August 2026
තෙල් මිල සහ උද්ධමනය හමුවේ ඉන්දීය රුපියලට සහ බැඳුම්කරවලට බලපෑම්
Local
10 August 2026
සජිත්ගෙන් ගායක ගායිකා සංගමයට රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක්
Local
10 August 2026
පොහොට්ටු මහ ලේකම් සාගර, අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
Local
10 August 2026