General14 June 2015

දෙයියන්ට හොරෙන් දෙහිවල දේවාල 5ක් බිදී

දෙහිවල නගරයට ආසන්නයේ පිහිටි දාර්ශනිකාරාම විහාරස්ථානයේ මහා භද්‍රකාලි දේවාලය ඇතුළු දේවාල 5ක තිබූ මිල කළ නොහැකි දේවාභරණ ඇතුළු රන් ආභරණ තොගයක් සොරාගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ මහා භද්‍රකාලිදේවාලයේ වටිනා ත්‍රිශූලය ද සොරාගෙන ඇති බවයි. පසුගිය 10 වන දා අවසන් වරට දේවාලයේ පූජා පවත්වා ඇති අතර, එය යළි කපු මහතා විසින් විවෘත කර ඇත්තේ අද (14) දිනයේදියි. ඉන් අනතුරුවයි දේවාලයන්හි තිබූ දේවාභරණ අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත්තේ. මෙම දේවාල 5 එකිනෙකට යාබදව පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. එහි එක් දේවාලයක බිත්තියක් කඩා එම ස්ථානයෙන් සොරුන් ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි දෙහිවල පොලීසිය සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes