සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා ඊයේ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන 3 ක සංවිධාන කර තිබූ වැඩසටහනක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත තාවකාලිකව අත්හිටවූ බව එම බලකායේ අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ රජයේ වැඩපිලිවෙල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිලධාරීන් 10 000 කට පමණ පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනකුයි මෙලෙස සංවිධාන කර තිබුණේ. හදිසියේම මෙම වැඩසටහන නවතා දැමීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව අම්පාර දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් කිහිපදෙනෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
මෙම පත්වීම් ලිපි ප්රදානය කිරීම අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට සූදානම් බවට තොරතුරු ලැබීම නිසා තමන් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි අම්පාරේ සන්ධාන අපේක්ෂක සරත් වීරසේකර සඳහන් කළේ. ඔහු මීට පෙර සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කරනු ලැබුවා.
එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගමගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම පත්වීම් ලිපි ප්රදානය හරහා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කිසිදු අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් නොතිබූ බවයි.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එම පත්වීම් ලබාදීමට බාධාවක් නොමැති බව අම්පාර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තුසිත වනිගරත්නගෙන් අප කළ විමසීමකදී ඔහු සදහන් කළා.

Latest News
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
02 August 2026
ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට
Local
02 August 2026
යුරෝපයේ ලැව්ගිනි 1,400කට අධික සංඛ්‍යාවක්: වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 18ක් එක්වෙයි
Local
02 August 2026
ප්‍රසූතියට දින දෙකක් තිබියදී මවයි බිළිඳයි දෙන්නාම ඩෙංගු මාරයා රැගෙන යයි
Local
02 August 2026
Vito Wood Fired Pizza සිය 6 වැනි ශාඛාව City of Dreamsහි විවෘත කරයි
Local
02 August 2026
පුත්තලම සිට ගාල්ල දක්වා මුහුද රළු වෙයි : නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට දැඩි සුළං: නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි
Local
02 August 2026
නීතිවිරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 234ක් නාවික හමුදා භාරයට
Local
02 August 2026