General10 September 2015

Update : නරක් වූ මළ සිරුරු හමුවූ නිවස අසල ළිඳක තවත් සිරුරක්

ගම්පහ  - උඩුගම්පොල - ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් අඹුසැමි යුවලගේ මළ සිරුරට අමතරව ඔවුන්ගේ දියණිය බවට සැකකරන මළ සිරුරක් නිවස අසල ළිඳක තිබී අද පස්වරුවේ සොයා ගෙන තිබෙනවා. සොයා ගන්නා විට නරක් වී තිබූ මෙම මළ සිරුරු අයත් අඹුසැමි යුවල අවුරුදු 52 ත් 42 ත් වයසේ පසුවන අතර, දියණිය අවුරුදු 4 ක් පමණ වන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ. මෙය ඝාතන සිද්ධියක් බවට දැනට පොලිසිය සැක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මියගොස් සිටින මෙම අඹුසැමි යුවල කුකුළු ගොවිපොලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.



Update : Thursday, 10 September 2015 - 17:00
................................................................................

ගල්පොත්ත හංදියේ කුණු වූ මළ සිරුරු 2ක්

ගම්පහ උඩුගම්පොල ගල්පොත්ත හංදියේ නිවසකින්  මළ සිරුරු දෙකක් සොයා ගනියි. පොලිසිය පැවසුවේ  කාන්තාවකගේ සහ පිරිමි මළ සිරුරක්  සොයාගත්  බවයි. ඒවා නරක්වී ඇති බවද සඳහන්. මහේස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කර ඇති  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Related recommendation
Hiru TV News | Programmes