General09 October 2015

අසාද් සාලිට එරෙහිව අදත් විරෝධතා

ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිට විරෝධය පළ කරමින් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසලදී අද දහවල් විරෝධතාවයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ මුස්ලිම් සාම පෙරමුණ නම් සංවිධානයක් විසින්. අසාද් සාලි මන්ත්‍රීවරයා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ඒ.එල්.එම්. උවයිස්ගේ බිරිඳ තම නිවසේ රදවාගෙන සිටිමින් තම ආගමට පටහැනි ලෙස කටයුතු කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කළේ.

පසුගිය සැප්තැම්බර් මස 21 වන දා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිගේ නාවල පිහිටි නිවස අසළ ද මීට පෙර පළාත් සභා මන්ත්‍රී ඒ.එල්.එම්. උවයිස්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණේ එම මන්ත්‍රීවරයාගේ බිරිඳ, අසාද් සාලි මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් රදවාගෙන සිටින බව පවසමින්. කෙසේ වෙතත්, වැලිකඩ පොලීසිය, අසාද් සාලි මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂණවලදී තමා කැමැත්තෙන් එම නිවසෙහි රැදී සිටින බවයි ඇය ප්‍රකාශ කර තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes