General04 January 2016

කුරන මංසන්ධියේ පිපිරීමක් - දෙදෙනෙකුට තුවාල

කොළඹ - මීගමුව මාර්ගයේ කුරන මංසන්ධිය ආසන්නයේ සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මීගමුව පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ රාත්‍රී 9.30ට පමණ සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

මේ වන විටත් එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කුරන මංසන්ධිය ආසන්නයේ තිබූ මෝටර් රථයක  බැටරියක් මෙලෙස පිපිරී ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
Related recommendation
Hiru TV News | Programmes