General31 March 2017

පොළොන්නරුවේ ස්ත්‍රී දුෂණ 63ක් - 10ක් බාල වයස්කාරියන්, ප්‍රේමය නිසා 49ක්

2016 වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ 63ක් වාර්තාවී ඇති අතර එසේ දූෂණයට පත්වූ වන් අතරින් දසදෙනෙක්ම වයස අවුරුදු 16 ට අඩු දැරියන් බව පොලිසිය පවසනවා.

තවත් 49 ක් ප්‍රේම සබඳතා මත සිදුවූ ඒවා බවයි පොලිසිය කියා සිටින්නේ.

පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක විනිප්‍රීඩා සංජීවනී මෙම කරුණු අනාවරණය කළේ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පසුගිය දා පැවති විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.

දෙමව්පියන් ,වැඩිහිටියන් හා ගුරුභවතුන් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් මීටත් වඩා උනන්දුවෙන් කටයුතු කළහොත් ඉදිරියේ මෙම තත්ත්වය ඉතා අවම කරගත හැකි බව ද ඇය කියා සිටිනවා.













Related recommendation
Hiru TV News | Programmes