හොරණ රාජ්‍ය බැංකුවක සිදුවූ රුපියල් කෝටි 3.5ක කොල්ලය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව එම බැංකුවේ මුදල් පරිපාලන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ වාර්තාවක් පොලිසියට ලබා දෙන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම අද (08) එම බැංකුවේ කළමණාකරුට නියෝග කළා.
මෙම බැංකු කොල්ලය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව විධිමත් මුල්‍ය ක්‍රියා පටිපාටියක් අවශ්‍යව ඇති බවට පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.
මෙහිදී සැකකරු විසින් බැංකුවේ යකඩ රාක්කයක් හා බිත්තිය අතර සඟවා තිබී සොයාගත් රුපියල් දාහත් ලක්ෂ හතළිස් හත්දාහක මුදල සහ බෑගය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට භාර දීමද සිදුකෙරුණා.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල සහ උප පොලිස් පරීක්ෂක ජූඩ් යන නිලධාරීන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
Latest News
භූතානය 4-1කින් දරුණු පරාජයක් අත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අතිවිශිෂ්ට ජයක්!
Local
08 June 2026
ඉබෝලා ව්‍යාප්තිය නිසා කොංගෝව දැඩි අර්බුදයක
Local
08 June 2026
හොරණ බැංකු කොල්ලයේ නඩු භාණ්ඩ අධිකරණයට; මුදල් පරිපාලන වාර්තාවක් කැඳවයි
Local
08 June 2026
ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනයේම පරිශ්‍ර 70,000ක් පරීක්ෂාවට: වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර
Local
08 June 2026
උතුරු මුහුදේ ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාව බේරාගනියි
Local
08 June 2026
පින්නදූව අධිවේගී පිවිසුමේ බස් අනතුරකින් 10ක් රෝහලට
Local
08 June 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා: උසස් පෙළ අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
08 June 2026
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නවතයි
Local
08 June 2026
සංඝ කතිකාවතක් ගේන්න 2006 ඉඳන්ම මා උත්සාහ කළත් කිසිම ආණ්ඩුවකින් සහාය ලැබුණේ නෑ : මල්වතු මහ නාහිමි
Local
08 June 2026
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය
Local
08 June 2026